නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.
ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුව පෙරේදා (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවට පොලිස් මුලස්ථානය සඳහන් කර තිබේ.
ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ලෙස කටයුතු කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස්වීම් ලද කොළඹ මධ්‍යම කොට්ඨාසය භාරව කටයුතු කළ ගයන්ග මාරපන, බදුල්ල කොට්ඨාසය භාරව කටයුතු කළ සුජිත් වෙදමුල්ල සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ සාමන්ත විජේසේකර යන නිලධාරීන් ද සිටින බව සඳහන්.
මීට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන බුද්ධික සිරිවර්ධන, කපිල කළුපිටිය, එච්. සමුද්‍රජීව , පී. අම්පාවිල, සමන්ත ද සිල්වා යන මහත්වරුන් ද ස්ථාන මාරුකර තිබේ.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ජී.ආර් කන්දේවත්ත, නෙරංජන් අබේවර්ධන, එම්.එම් කුමාරසිංහ සහ උපුල සෙනවිරත්න යන මහත්වරුන්ට ද ස්ථාන මාරු ලබාදී ඇති බව වාර්තා වේ.
මේ අතර පවතින සමාජ වතාවරණය තුළ දරුවන් කෙරෙහි දැඩි අවදානයකින් කටයුතු කළ යුතු බවට කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කර තිබේ.













































