බණ්ඩාරගම , ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය අතර වෝටර් ජෙල් කූරු 23,ඇමෝනියා කිලෝ 08 ග්‍රෑම් 218, ඩෙටනේටර් කැප් 45, කළු වෙඩි බෙහෙත් කුඩු ග්‍රෑම් 444 ,සේවා නූල් අඩි 215ක් තිබූ බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (25) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.