අවුරුදු 3ට අඩු ළමුන් සඳහා වසරකට අධික කාලයක පටන් ත්‍රිපෝෂ ලැබීම නතර වී ඇති බවත් , මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු වන බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ද මෑත කාලීනව ඉහළ යමින් පවතින බවත් , එම නිසා මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කර තිබේ.
නමුත් බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ අඩුවක් පවතින බැවින් කුඩා ළමුන් සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
