සුනාමි ගම්මානය පිය පුතු ගැටුමකින් කැළඹෙයි.

ඉදුරුව ඇටවලවත්ත එස්.ඕ.එස්.සුනාමි ගම්මානය ප්‍රදේශයේ පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පියා විසින් නිවසේ මුළුතැන්ගෙයි තිබූ මන්නා පිහියක් රැගෙන විත් තම පුත්‍රයාගේ ගෙලට කොටා ඇති අතර බලපතළ තුවාල ලැබූ පුත්‍රයා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි පියා සැකපිට  අත්අඩංගුවට ගත් බව සඳහන්.

Exit mobile version