TTP ත්‍රස්ත සාමාජිකයකු ඝාතනය කෙරේ.

පාකිස්තානයේ පොලීසිය විසින් TTP ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සැලකෙන ඉක්බාල් හෙවත් බාලි නම් සාමාජිකයා ඝාතනය කර ඇති බව වාර්තාවේ.

ඔහු 2009 වර්ෂයේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ සාමාජිකයකු ලෙස සැලකේ.

පාකිස්තාන පොලීසිය වෙත මෙම පුද්ගලයා ඝාතන හා පැහැරගැනීම් රැසකට අවශ්‍යව සිට ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version