ටියුෂන් පන්ති ළමයින්ට මත් පෙති දුන් කතක් දැලේ.

හොරණ දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී දීර්ඝ කාලයක් තිස්සේ හොරණ ප්‍රදේශයේ උපකාරක පංති සඳහා සහභාගී වන සිසුන් ඉලක්ක කර මත් පෙති අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකාරිය සන්තකයේ තිබී මත්පෙති සියයක් සොයා ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකාර කාන්තාව වැඩි දුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Exit mobile version