බෙංගාල බොක්කේ කැළඹිලි අදත්.

ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තුවන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු , උතුරු මැද , නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් , දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි ඇති විය හැකි බවත් , උතුරු,නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් වාර්තා වේ .

Exit mobile version