අද (30) දින තුර්කි ගුවන් සේවය ශ්‍රීලංකාව සමග සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ලගා වී තිබේ.
වාර්තා වන ආකාරයට ටීකේ – 730 දරන ගුවන්යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40 ට පමණ කටුනායක ගුවන්තොටුපළට ළගා වී ඇත.
මෙම ගුවන්යානයේ මගීන් 261 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
සදුදා, අගහරුවාදා ,බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40 ට කටුනායක ගුවන්තොටුපළෙන් තුර්කිය බලා පිටත්වීමට නියමිත අතර ගුවන් ගමන සදහා පැය 08ක කාලයක් වැය වන බව සදහන්.
