පාසල් සිසුවෙකු අපයෝජනයට ලක්කළ උපකාරක පන්ති ගුරුවරයෙකු වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාපාන , ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් තුළ දී මාස කිහිපයක සිට මෙම සිසුවා අපයෝජනයට ලක්වී ඇති බවයි .
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
