මත්පැන් පෙරූ දෙදෙනෙක් පොලිස් දැලේ.

සේරුනුවර පොලිස් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් ලිංගම්පුර රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එහිදී ගෝඩා ලීටර් 2590 ක් , සහ කසිප්පු මිලි ලීටර් 1065 ක් , බැරල් 5 ක් , බූරි 4 ක් , පෙරණ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මූර්තු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව වාර්තා වේ .

Exit mobile version