කතක් දූෂණය කර රන් භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට .

ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කළ කේන්තියට නිවසකට පැන විවාහක කාන්තාවක් දූෂණය කර රන් භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙකු කුච්චවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ අලුයම් කාලයේ කාන්තාව පදිංචි නිවසේ ජනේලයකින් ඇතුළු වූ මෙම පුද්ගලයින් දෙදෙනා ඇතුළු පිරිසක් එම කාන්තාවගේ සැමියාට පහරදී කාන්තාව දූෂණය කර ඇය සතු වූ රන් මාලයද කොල්ලකා පළා ගොස් ඇති බව සදහන්.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version