නිවසක් ගිනි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට .

නිවසක් ගිනි තබා විනාශ කළ පුද්ගලයින් දෙදෙනකු පොතුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ නැගණිය ගිනි තබා විනාශ කළ නිවසේ තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඔවුන් දෙදෙනා හොර රහසේ විවාහ වීම සම්බන්ධයෙන් උරණවීමෙන් මෙම ගිනි ගිනිතැබීම සිදුකර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

නිවස ගිනි තබන අවස්ථාවේ එම නිවෙසේ සිටි තරුණයාගේ වයෝවෘද්ධ මව සහ පියා පලාගොස් ඇති බව සදහන්.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොතුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version