බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාධකයකදී ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට බොරලැස්ගමුව පොලිසිය වාර්තා කරයි.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය නවතා පොලිස් නිලධාරින් පරීක්ෂා කිරීමේදී මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාට ඇති වූ සැකයක් මත පිටුපස සිටි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සරම් කැසපොටේ සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවට පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හා 28 හැව්රිදි පුද්ගලයින් වන අතර මොවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක සහිත රුපියල් 26750 මුදලක් ,ජංගම දුරකථන තුනක් හා ප්‍රවාහනයට යොදා ගත් ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට පිළියන්දල ප්‍රදේශයේ සිටින අයිස් මත්ද්‍රව්‍ය ගැනුම්කරුවෙකුට ලබා දීම සදහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බවට සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන අතර මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන ගියේ කා හටද යන්න පරීක්ෂණයක් සිදු කර එම පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.
