මෙරටින් ඇතින්නන් දෙදෙනෙක් පාකිස්ථානයට .

පාකිස්ථානයට මෙරටින් ඇතින්නන් දෙදෙනෙක් පරිත්‍යාග කිරීමට නියමිත බව පාකිස්ථාන කොන්සල් ජනරාල්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම ඇතින්නන් දෙදෙනාගෙන් එක් ඇතින්නක් ලාහෝර් සත්වෝද්‍යානයට ද අනෙක් ඇතින්න කරච්චි සත්වෝද්‍යානයට ද පිටත් කිරීමට නියමිත බව සඳහන්.

කරච්චි සත්වෝද්‍යානයේ සතුන් හට නිසි රැකවරණයක් නොලැබෙන බව පාකිස්ථාන සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රකාශ කර තිබීම නිසා මෙම ඇතින්නන් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව වාර්තා කරයි.

Exit mobile version