SPA මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලයි.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් ඊයේ (07) වැටලූ බව වාර්තා වේ.

මෙම වැටලීමෙන් අදාළ ගණිකා නිවාසවල කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සිටි සැකකාරියන් දෙදෙනෙක් සහ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් පොල්ගහහේන , කටුගස්තොට , අහංගම , බද්දේගම , නුගේගොඩ , කැකිරාව සහ නාගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.මොවුන් අද (08) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version