අයිස් සමග සහෝදරයන් දෙදෙනෙකු කොටු වේ.

රුපියල් කෝටියක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සහෝදරයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවට ගම්පහ මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත උඩුගම්පොළ ,නැදගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් වයස අවුරුදු 22 සහ 28 යන වයසේ පසුවන්නන් බව සදහන්.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන්ට කොටුගොඩ ප්‍රදේශයේ අයෙකු විසින් විදේශයකින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් බෙදා හැරීම පිණිස ලබාදීම සිදු කරන බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන්ගේ නිවස වටලා මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version