පතොරම් 40ක් සමග දෙදෙනෙකු මාට්ටු.

විදේශ රටවල් දෙකක නිෂ්පාදිත බලපත්‍ර නොමැති ජීව උණ්ඩ 40ක් මුදලට විකිණීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ ඉලුප්පල්ලම, ගල්ලෑව ප්‍රදේශයේ සහ ඇටකොරස, රාගම යන ප්‍රදේශ වල’ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීහූ පිරිසක් එප්පාවල, නල්ලමුදාව හන්දියේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන් සහ රථ වාහන පරීක්ෂා කරමින් සිටියදී මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි සැකකරු බලපත්‍ර නොමැති මෙම ජීව උණ්ඩ තොගය’ සමඟ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුගේ ගමන් බෑගයේ සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙන යමින් තිබූ බෝර 12 ජීව උණ්ඩ 40න් 13ක් හංගේරියානු රටේ සහ උණ්ඩ 27ක් එංගලන්තයේ නිෂ්පාදිත ඒවා බවට පොලීසිය සඳහන් කර තිබේ.

Exit mobile version