මුදල් සහ ජංගම දුරකථනයක් බලෙන් පැහැර ගත් කොස්තාපල්ලා දෙදෙනෙක් මාට්ටු.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදලින් රුපියල් 25,300 ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය සඳහන් කර ඇත්තේ පසුගිය ජුලි මස 24 වන දින රාජගිරියේ සුපිරි වෙළඳසැලක් ආසන්නයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවත් ,  එම පුද්ගලයා පොලිස් නිලධාරින් පැමිණි ත්‍රී රෝද රථයෙන් රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය බලෙන් ලබා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් සිදු කර අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වන අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version