විශේෂ කාර්ය බලකාය කැලණිය කඳවුරේ ස්ථාපිත දිවයිනේ බස්නාහිර පළාත A කලාපය තුළ සිදුවන අපරාධ මර්දනය සඳහා අනුයුක්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 164 , ෆර්ගියුෂන් පාර , කොළඹ 15 ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මහා පරිමාණයේ සංවිධානාත්මක අපරාධ සිදු කිරීම සඳහා සූදානම්ව සිටි දෙදෙනෙකු නීති විරෝධී මත්පැන් සහ තියුණු ආයුධ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 සහ කල්මුණේ 2 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 44 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
ඔවුන් සන්තකයේ තිබී තියුණු යකඩ කඩු හයක් සහ නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 15,000 ක් සොයාගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්පාස් පොලීසිය වෙත භාර දී තිබේ .
