වයඹ දිග පාකිස්ථානයේ පිපිරීම් දෙකක් .

වයඹ දිග පාකිස්ථානයේ ස්වැට් නිම්නයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්‍යාලයක සිඳු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙසේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතරින් බහුතරයක් පොලිස් නිලධාරීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම ප්‍රහාරයක් බවට සැක පල කිරීමට සාක්ෂි කිසිවක් නොමැති බවත් පතොරොම් ගබඩාවක සිඳු වූ විදුලි කාන්දුවක් මෙම පිපිරීමට හේතුවන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version