විදෙස් තරුණයන් දෙදෙනෙකුට අඹු සැමි යුවළකගෙන් ප්‍රහාර.

විදෙස් ජාතික තරුණයින් දෙදෙනෙකුට පහර දුන් අඹු සැමි යුවළක් සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙම විදෙස් ජාතික තරුණයන් දෙදෙනා අදාළ අඹු සැමි යුවළ පවත්වාගෙන යන වෙළඳසැලට ගොස් තිබේ. එහිදී විදෙස් තරුණයන් දෙදෙනා ආහාර මිලදී ගෙන ඇති අතර එම අවස්ථාවේ දී මිල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකදී මෙලෙස පහර දී ඇති බව සඳහන් .

අදාළ තරුණයන් දෙදෙනා ප්‍රංශ සහ ඉතාලි ජාතිකයන් වන අතර ඔවුන් සමඟ ඉතාලියේ සහ ප්‍රංශයේ අධ්‍යාපන ලබන ශ්‍රී ලාංකිකයෙකුගේ ආරාධනාවක් මත සංචාරයක් සඳහා මෙරට පැමිණ තිබෙන බව වාර්තා වේ .

අදාළ ලාංකික තරුණයාද මෙම සංචාරය සඳහා එක්ව ඇති අතර ඔහුට ද පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version