ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් අතුරුදන්.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත පරිවාස නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් දෙදෙනෙක් කිසිඳු දැනුම් දීමකින් තොරව ඊයේ (20) දින ළමා නිවාසයෙන් පිටතට ගොස් ඇති බව වාර්තා වේ.

 මේ සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව විසින් ගම්පොළ පොලිස් සථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම දැරියන් දෙදෙනා මහනුවර , නිත්තවෙල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරියන් බවත් දැරියන් දෙදෙනා 15 හැවිරිදි සහ නව හැවිරිදි  වියේ පසුවූවන් බවත් සඳහන්.

Exit mobile version