ඊයේ (24) රාත්‍රියේ මට්ටක්කුලිය , ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට යාමත් සමඟම කැපුම් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කර ඇති අතර අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
