අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මේ ගැටුමෙන් දෙපිරිසේම තිදෙනා බැගින් හය දෙනකුටම තුවාල සිදුවී ඇති බවත් මේ හය දෙනා අතර කාන්තාවන් තිදෙනකුද සිටින බවට පොලීසිය පවසයි.
එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු ප්‍රහාරයකින් අනෙක් පාර්ශවයේ අයකුට බරපතළ තුවාල සිදුව තිබෙන බවත් අනෙක් පාර්ශවය ඊට පිළිතුරු වශයෙන් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් හා පහරදීම්වලින් පස් දෙනකු තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් මත මේ ගැටුම ඇතිවී ඇත්තේ යාබද පවුල් දෙකක් අතර බවට පොලීසිය ප්‍රකාශ කරයි.
