ලංකා ප්‍රිමියිර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය අද (07) සවස 3.00ටත් , දඹුල්ල අවුරා හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ .
මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර දඹුල්ල අවුරා කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ .
එමෙන්ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවන අතර සිව්වන ස්ථානය බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිව ඇති බව සඳහන් .
සහභාගී වූ තරග 3න් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටී.
