ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් වන එස්.ඊ.ස්චල්ක් මහතා විසින් අධිකරණ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවකදී සිය රට තුළ ස්ථාපනය කර තිබෙන “ සත්‍ය සෙවීමේ කොමිසමේ “ කටයුතු සිදු කරන ආකාරය පිළිබදව අත්දැකීම් ලබා ගැනීම සදහා සිය රටට පැමිණෙන ලෙස විශේෂ රාජතාන්ත්‍රික ආරාධනාවක් සිදු කර තිබූ අතර ඒ අනුව මෙරට අධිකරණ , බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත “ සත්‍ය සෙවීමේ කොමිසමේ “ කටයුතු විධිමත්ව සහ සාර්ථකව සිදු කරන ආකාරය පිළිබදව අත්දැකීම් ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.
