බදු ගිවිසුමක් අලුත් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීතාවක නගර සභාවේ ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ලක්ෂ 4 ක මුදලක් මෙලෙස අල්ලස් මුදල ලෙස ලබා ගෙන තිබේ.
සැකකරුවන් අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.
