ආනයනය කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කල පුද්ගලයන් දෙදෙනෙකු දිවුලපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
විවිධ වර්ගයේ කෘෂි රසායන පැකට් 1950ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ 72,500 ක් බවට පොලිසිය සදහන් කර තිබේ.
මොවුන් වයස අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
