වන අලි පහරදීම්වලින් අම්පාරේ දෙදෙනෙක් ජීවිතක්ෂයට .

අම්පාර වනජීවි කලාපය තුල ස්ථාන දෙකකදි වන අලි පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීඝවාපිය 1 ග්‍රාම නිලධාරි වසමේ පන්සල් කුඹුරු යායේ වැඩ කරමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම නිසා රත්නායක මුදියාන්සේලාගේ වික්‍රමසිංහ නැමැති අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ .

මීට අමතරව සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ග්‍රාම නිලධාරි වසමේ සමන්තුර දීඝවාපිය මාර්ගයේදී වන අලියෙකු පහරදී වයස අවුරුදු 43 ක් පමණ කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුහාරි සරිෆ් බිෆානි නැමැති කාන්තාවකි.

Exit mobile version