පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඊයේ (03) රාත්‍රී කාලයේ දී ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර එහිදී සැකකරු සමඟ ඔහුගේ පුතා එක්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබේ.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුලෑව ප්‍රදේශයේ පදිංචි 28 හා 52 හැවිරිදි අයවලුන් බව සඳහන්.
සැකකරුවන් අද (04) ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.