අන්සතු හැදුනුම්පත් සමග දෙදෙනෙකු අත්අඩංගුවට .

වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 08ක් ළග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

මීරිගම පමුණුවත්ත ප්‍රදේශයේ දී විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු නිවසක් තුළ සැගව සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව ජාතික හැදුනුම්පත් 08ක් ,රියදුරු බලපත්‍රයක් සහ චෙක් පොත් 02ක් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 32 යන වයස්වල පසුවන දියබෙදුම හා මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් අද (25),අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

Exit mobile version