විදුලි සැරින් දෙදෙනෙකු ජීව්තක්ෂයට.

මඩකලපුව, අමිර්තකලී ප්‍රදේශයේ  නිවසක වහලයක් අලුත්වැඩියා කරමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 වහලයක් අලුත්වැඩියා කරමින් සිටි තිදෙනෙකු වහලයේ පීලි තහඩුවක් දැමීමට යාමේ දී එම නිවසට විදුලිය ලබා දෙන ප්‍රධාන වයරය තහඩුවට කැපීමෙන් තිදෙනාටම විදුලි සැර වැදී තිබේ.අනතුරුව මෙම තිදෙනා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 36ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version