විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට.

නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් පෙරහැරක් අතරතුර විදුලිසැර වැදීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තිදෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (23) දහවල් ආරම්භ කළ පෙරහැර අද (24) අලුයම තෙක් පවත්වා ඇති අතර පෙරහැරට සහභාගි වූ රදම් කරත්තය කෝවිලට රැගෙන යන අතරතුර කරත්තයේ ඉහළ කොටස අධිබලැති විදුලි රැහැනේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බවට පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි හා 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් නමුණුකුල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version