පොලිසියට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට .

ආරවුලක් විසඳීමට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා කළහගම ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සදහන්.

පහර කෑමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අකුරැස්ස රෝහල වෙත ඇතුළත් කර ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version