කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ හතරක් සමග කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව රාගමට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී එහි පැදිකරු විසින් සඟවා ගෙන සිටි පිස්තෝලය සහ ජීව උණ්ඩ හතර සොයා ගෙන තිබේ .
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවයි.
