විදෙස් යුවලකගේ භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට .

එංගලන්ත ජාතික යුවලකට තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන සිදුකර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනකු අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අහංගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම යුවල කාමරය තුළ සිටින විටදී එම කාමරයේ දොර කඩාගෙන ඇතුළු වී ඇති මෙම සැකකරුවන් මෙලෙස රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා ඇති බවට පොලිසිය පවසයි.

තවත් කිහිප දෙනෙකු මෙම කොල්ලකෑමට පැමිණ ඇති අතර ඔවුන් සොයා මේ වන විට අහංගම පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version