පුරාවස්තු ගන්න ගිය දෙදෙනෙක් දැලේ.

තඹලගමුව , මොල්ලිපොතාන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොවුන් සන්තකයේ තිබී කැණීම් කටයුතු සඳහා යොදා ගත් උපකරණ තොගයක් ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55 සහ 60 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අද (13) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version