හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න ගිය දෙදෙනෙක් දැලේ.

මැණික් මුට්ටියක් සොයා කැනීම් කළ පුද්ගලයින් දෙදෙනෙක් ගලිගමුව ප්‍රදේශයේ දී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා පෙදරේරුවෙකු සහ විදුලි කාර්මිකයෙකු බව සඳහන් වේ.

පෙදරේරුවාගේ මිය ගිය පියා හීනෙන් පැමිණ පැවසූ මැණික් මුට්ටියක් ගැනීමට උත්සාහ කරමින් කැනීම් කටයුතු කර තිබේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී කළුගල් පිපිරවීම සඳහා යොදා ගන්නා ඇමෝනියා ග්‍රෑම් 270 ක්, ජෙලට්නයිට් කූරක් , කොම්ප්‍රෙසර් යන්ත්‍රයක් සහ පූජා භාණ්ඩ රැසක් සොයා ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version