ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න දුරකථන අංක දෙකක්.

මේවන විට ඊශ්‍රායාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 94716640560 අංකය ඔස්සේ වට්සැප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා අදාල තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බව සදහන්.

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූව දෙනෙකුම සාත්තු සේවා සැපයීම් වල නිරත වේ.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කළ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හට මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට දැනටමත් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Exit mobile version