පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.
අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් දක්වා පැමිණ ඇති බව සදහන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ
කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.
