අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි
14 සහ 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
අද (17) මෙම පාසල් සිසුන් දෙදෙනා එල්ලේ තරගයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටී සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මියගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු ගොඩගෙන ඇති අතර මෘත දේහයන් වවිනියාව රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පූවරසන්කුලම් පොලීසිය විසින් සිදු කරනු ලබයි .
