ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපොලේ ගුවන් ගමන් අවලංගු කිරීම් , ප්‍රමාද කිරීම් සහ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීම් සිදු වීම නිසා බ්‍රිතාන්‍ය පුරා ගුවන් යානා 2000 ක් පමණ අවලංගු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගැට්වික් ගුවන්තොටුපොළ බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් 22 ක් අවලංගු කර ඇති බවත් , තවත් යානා සිය ගණනක් ප්‍රමාද වී තවත් යානා වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීම සිදු කර ඇති බවත් ය.
එරට ජාතික ගුවන් ප්‍රවාහන සේවය සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර කඩිනමින් ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් සඳහන් කර තිබේ .
