තාප්පයක් කඩා වැටීමෙන් ත්‍රී රෝද රථ දෙකකට බරපතළ හානි.

ඊයේ (31) රාත්‍රියේ ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අද (01) අලුයම ගාල්ල කොටුව , පරවා වීථියේ පිහිටි සංචාරක හෝටලයකට අයත් විශාල තාප්පයක් කඩා වැටීමෙන් එම ස්ථානයේ නවතා තිබූ ත්‍රී රෝද රථ දෙකකට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මෙහි අනාරක්ෂිතභාවය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , ගාලු උරුමය පදනම , ගාල්ල මහනගර සභාව මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කළේ ගාල්ල සවුත්ලන්ඩ් , ඕල් සෙන්ට් විද්‍යාලයේ සිසුන් මෙන්ම විදෙස් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් මෙම මාර්ගයේ දිනපතා ගමන් ගන්නා බවත් , අලුයම් කාලයේ තාප්පය කඩා වැටීම නිසා විශාල අනතුරක් වැළකී ගිය බවත් ය.

Exit mobile version