දුම්රිය දෙකක් ගැටී 9 ක් ජීවිතක්ෂයට .

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ .

විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ හැපුණු බවට විදෙස් සඳහන් කර තිබේ .

Exit mobile version