පසුගිය 10 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකට සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (15) මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම සැකකරුවන් දෙදෙනා සමඟ වෙඩි තැබීම සඳහා භාවිතා කළ පිස්තෝලයක්ද සොයා ගෙන තිබේ .
මොවුන් වයස අවුරුදු 47 සහ 28 යන වයස්වල පසුවන මීගොඩ සහ තලාතුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ලබයි .
