වැල්ලවාය – පෙරකැටිය සහ කොට්ටිගම්බොක්ක යන රක්ෂිතවල ඊයේ (18) රාත්‍රීයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට හැකි වූ බවට පොලිසිය පවසයි.
මේ හේතුවෙන් රක්ෂිත දෙකෙහි විශාල ප්‍රදේශයක් විනාශ වී ඇති බව සදහන්.
කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් යළි ගින්න පැතිරයාමේ අවදානමක් පවතින බවද පොලිසිය ප්‍රකාශ කරයි.
