වන අලි දෙදෙනෙකු මරුට.

වාන් ඇල ප්‍රදේශයේ වන අලි දෙදෙනෙකු ඊයේ (15) මියගොස් ඇති බව වාර්තා වේ.

විහාරගල ජනශක්තිකුලම වැව් ඉස්මත්තේ අවුරුදු 04 පමණ වයසැති අලි පැටවෙකු සහ එම ප්‍රදේශයේ ම කුරුන්ගුපඤ්ඤා වැව් ඉස්මත්තේ අවුරුදු 12 පමණ අනුමාන කළ හැකි අලියෙකු මියගොස් ඇති බව සදහන්.

වන අලින්ගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වනජීවි දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version