පහරදීමකට සම්බන්ධ තරුණයින් දෙදෙනෙක් අල්ලයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයෙකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු උඩු පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 16 සහ 17 වන වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.

පහරදුන් තරුණයන් දෙදෙනා පහරකෑමට ලක්වූ තරුණයා හට ගංජා ගෙන ඒමට රුපියල් 1000ක මුදලක් ලබා දී තිබෙන අතර පහර කෑමට ලක් වූ තරුණයා ගංජා ඔවුන්ට ලබා නොදී රුපියල් 1000 මුදල සඟවා ගත් හේතුව මෙම පහරදීමේ මූලාරම්භය වී ඇති බවට අනාවරණය වී තිබේ .

පහර දුන් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බාල සොයුරා විසින් මෙම පහරදීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදා හැර තිබූ අතර අනතුරුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version