උදයංගගේ විදෙස් ගමන් තහනම අත්හිටුවයි.

ශ්‍රී ලංකාවේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (03) ආගමන විගමන නිලධාරින්ට දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.

මිග් යානා මිළදී ගැනීමේ දී සිදුවූවා යැයි කියන ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් මත විදේශ ගමන් තහනමකට ලක්ව සිටින ඔහුගේ නීතිඥවරුන්ගේ ඉල්ලීමක් මත මෙම තහනම අත්හිටුවා ඇති බව සදහන්.

Exit mobile version