යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධූරයෙන් නෙරපා හැරීමට එරට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව හරහා ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ නව ප්‍රවේශයක් සඳහා කාලය එළඹ ඇති බවත් , ඔලෙක්සි රෙස්නිකොව් වෙනුවට රාජ්‍ය දේපළ අරමුදලේ ප්‍රධානී රස්ටම් උමෙරොව් පත් කිරීමට තමන් තීරණය කළ බවත් ය.